(ඉන්දිකා රාමනායක)
එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන 10.45 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණියේය.
අලිමංකඩ දී සහ කිලිනොච්චි ප්‍රදේශයේ දී හමුදා සාමාජිකයන් තුන් දහසකට අධික පිරිසක් තමා විසින් ඝාතනය කළ බවට ඔහු කර තිබු ප්‍රකාශයකට අනුව මෙම ප්‍රශ්න කිරීම සඳහාය.

