කරු ලන්ඩන් අලි හමු වෙයි


එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති දේශමාන්‍ය කරු ජයසුරිය පසුගියදා පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩන් නුවරට පැමිණියේය.

එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ නිලධාරි මණ්ඩලය සහ සාමාජිකයින් පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ එජාපයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණෙන් සංවිධානය කර තිබු රැස්වීමකටද ඔහු  සහභාගී විය.

එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ ලේකම් දර්ශන දනියෙල්  හා සභාපති හර්ෂ කන්නන්ගර ජයසුරිය එජාපයේ ස්ථාවරය රැකගැනීම අරභයා  බ්‍රිතාන්‍ය ශාඛාව දීර්ඝ කාලයක් තිස්සේ ගෙනගිය වැඩකටයුතු පිලිබඳ විස්තර කළහ.

බ්‍රිතානයේ එජාප ශාඛාව පක්ෂයේ තිර පැවැත්ම උදෙසා ඉටුකරන අගනා සේවය පිළිබඳව සැමදෙනාටම ස්තුති කළ ජයසුරිය මහතා ඔහු එම වැඩකටයුතු නොනවත්වාම ක්‍රියාත්මක කිරීමේ වැදගත් කමද පැහැදිලි කර දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් සහ මහා මැතිවරණයක් පැවැත්වීමට සමීප කාල වකවානුවක විදෙස් ගත එජාප හිතවතුන්ට ඉතාම වැදගත් මෙන්ම බාරදුර වැඩ කොටසක් ඉටුකිරීමටත් වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ දක්නට ලැබෙන සදාචාරාත්මක පිරිහීම, අපරාධ රැල්ලේ ඉහළ යාම, දුෂණය සහ ඒකාධිපතිවාදී දේශපාලනයට එරෙහිව තම පක්ෂය ගෙනයන වැඩ කටයුතු සඳහා උපරිම සහයෝගය ලබාදීමටත් අවස්ථාව උදාවී ඇති බවත් සඳහන් කළේය.

එජාප තරුණ ශාඛාවේ සභාපති ක්‍රිශාන්ත අතුකෝරල ස්තුති කතාව කළේය.