කරාපිටිය රෝහල් වාට්ටුවේ අවදානමක් නෑ


ගාල්ල කරාපිටිය රෝහලේ වාට්ටුවක ඊයේ (11) රාත්‍රීයේ සිදූ වූ ඉරිතලායාම පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විමර්ශනය ආරම්භ කර ඇත. 
අද (12) පෙරවරුවේ එම ස්ථානයට ගිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ අංශයේ ඉංජිනේරුවරුන් විසින් එය පරික්ෂා කිරීමෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ අවදානමක් නොමැති බවයි. එය මුලික පරීක්ෂණයක් වන බවත්, තවදූරටත් පරීක්ෂණ සිදූ කරන බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි. 
ඉරිතලා යාමකට ලක් වූවද රෝහලේ නේවාසික රෝගීන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.