
(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ අධිකරණ වෛද්‍යවරුන් විසින් අද (23) පස්වරුවේ සිට නැවත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භකරණු ලැබීය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මළ සිරුර මෘත ශරිරාගාරයෙන් ඉවත්කරගන්නා තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ හා රුහුණු වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ අධිකරණ වෛද්‍යවරු සිය සේවා කටයුතු වලින් අද පස්වරු 1.30 දක්වා ඉවත්ව සිටියහ.
අද (23) දින මියගිය පුද්ගලයින් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට තිබුණි. මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් පිළිබද සලකා බලා එම පශ්චාත් මරණ පරීක්ෂණ කළ බැව් කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සී.පී.පෙරේරා මහතා පැවසීය.
මෙකී මෘත දේහය ඉවත්කර නොගතහොත් අද (23) මධ්‍යම රාත්‍රියේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා කරාපිටිය වෛද්‍ය පිඨයේ සියලුම අධිකරණ වෛද්‍යවරුන් සිය සේවාවලින් ඉවත් වීමට තින්දුකොට ඇති බවද හෙතෙම කීය. මේ පිළිබද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු හා සෞඛ්‍ය බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

