කරාතේ ශූරියට පාසලක් ලැබේ


දරණාගම මහා විද්‍යාලයෙන් අස්වීම් සහතිකය ලබා නොදී ප්‍රමාද කිරීම නිසා පාසලක් අහිමි වී සිටි කරාතේ ශූරිය හෙට සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළු කර ගන්නා ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී එන් අයිලප්පෙරුම මහතා උපදෙස් දුන්නේය. පූජා සුරවීර කරාතේ ශූරියට වූ අසාධාරණය ගැන බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය  පරීක්ෂණයක් ආරම්භ කළේ පසුගිය ඉරිදා ‘එසැණ‘ ප්‍රවෘත්තියෙන් මේ ගැන හෙළි කිරීමෙන් පසුවය.