කරාතේ ක්‍රීඩිකාවගෙ සහතිකේට විදුහල්පතිගෙන් කරාතේ පහරක්


කරාතේ ක්‍රීඩාවෙන් අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් ශිෂ්‍යාවකගේ අස්වීම් සහතිකය පමා කිරීම නිසා පාසලක් අහිමි විය. දරණාගම මහා විද්‍යාලයේ කේ වී පූජා ධනංජනී සුරවීර නම් මේ ශිෂ්‍යාවගේ අස්වීම් සහතිකය, දරණගම විදුහලෙන් පමා කිරීම නිසා සපුගස්කන්ද බාලිකා විදුහලේ 10වැනි ශ්‍රේණියේ දොර වැසී ගියේය. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවේ දරණාගම මහා විද්‍යාලයෙන් අස්වීම් සහතිකය පමා කිරීම නිසා ශිෂ්‍යාවකට අසාධාරණයක් සිදුව ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි. ඒ ගැන සොයා බැලීමට විද්‍යාල දෙකටම නිලධාරීන් පිරිසක් යවන බව ද ඇය පැවසුවාය.