ඉතාලියේ ටෙවිසෝ පොන්සානෝ නුවර පැවති ඉතාලි ජාත්‍යන්තර කරාටේ ශූරතාවලියේදී කුමිතේ කණ්ඩායම් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලංකික ක‍්‍රීඩකයෝ තිදෙනෙක් සමත් වූහ.
මෙම කුමිතේ කණ්ඩායම් ඉසව්වේ ප‍්‍රථම ස්ථානය ඉතාලියත්, දෙවන ස්ථානය ඊශ‍්‍රායලයත්, තෙවන ස්ථානය ශ‍්‍රී ලංකාවත් හතරවන ස්ථානය ස්ලෝව්නියාවත් විසින් දිනාගන්නා ලදි.
තරගාවලිය සඳහා ඉතාලිය, චිලී රාජ්‍යය, ඊශ‍්‍රායලය, ස්විස්ටර්ලන්තය, ස්ලෝවේනියාව, රුසියාව, ඕස්ටේ‍්‍රලියාව, ශ‍්‍රී ලංකාව, ජර්මනිය, පැරගුවේ යන රටවල් දහයක ජාතික කණ්ඩායම් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 1800 ක් සහභාගී වූහ.