කරවලත් නෑ තිස් ලක්ෂයත් නෑ


රේගුවට නොදන්වා ඇමෙරිකා ඩොලර් 22000ක් හෙවත් රුපියල් තිස් ලක්ෂයක් සාක්කුවල දමාගෙන මාලදිවයින් යන්නට ආ හලාවත හා බොරැල්ලේ කරවල වෙළෙඳුන් දෙදෙනෙකුගේ එම මුදල් රාජසන්තක කළ රේගුව තරයේ අවවාද කර ඔවුන් මුදා හැරියේ ය. ගුවන්යානයට නැගීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ස්ටැන්ලි සේනාරත්න හා එ එච් සුනිල් අධිකාරී මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.