කරවල සීනි මුංඇට : නගී මිල ඉහළට


අයවැයෙන් බදු වැඩි කිරීමත් සමග උම්බලකඩ, හාල්මැස්සන්, කරවල, මුං ඇට, පීස්, දොඩම් හා සීනි මිල වැඩි වේ.

උම්බලකඩ හෝ උම්බලකඩ ආදේශක සඳහා කිලෝව රුපියල් 27කින් ද, වියලි හාල්මැස්සන් කිලෝව රුපියල් 16 කින් ද, සෙසු කරවල රුපියල් 27 කින් ද, මුංඇට රුපියල් දෙකකින් ද, පීස් හා චික් පීස් රුපියල් දෙක බැගින් ද, දොඩම් රුපියල් පහකින් ද, සීනි රුපියල් පහකින් ද වැඩි වෙයි.