කරන්දෙණිය සමුපකාරයේ සභාපති රිමාන්ඩ්


(එම් .සුසිල් ප්‍රියන්ත )

       

කරන්දෙණිය විවිධ සෙවා සමුපකාර සමිතියේ සභාපතිවරයා ජුලි මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (9) නියෝග කළේය.

සිය මෝටර් රථයේ වරදක් කළ හැකි පිහි තුනක් තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

                                                                                                                                                                                                                                                                                                                                                                                                               මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කරන්දෙණිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා ලෙස සේවය කරන මුලුගොඩ හේවගේ සදරු චාමිකර වීරවික්‍රම නමැත්තාය.

සැකකාර සභාපතිවරයා කරන්දෙණියේ පදිංචි යුද හමුදා කර්නල්වරයකුගේ භාර්යාවකට ගෙලට පිහියක් තබා කරන ලද මරණිය තර්ජනයක් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහුව සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදි ඔහුගේ මෝටර් රථයේ තිබී මේ වරදක් කළ හැකි පිහි තුන සොයා ගත් බවද පොලීසිය කියයි.

පැමිණිල්ල සම්බන්ධයෙන්  සැකකාර සභාපතිවරයා සැකපිට ප්‍රශ්න කිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන්ට තමා මෙවර වැඩකරන අපේක්ෂකයා ජයග්‍රාහනය කලොත් අනිවාර්‍යයෙන්ම ස්ථාන මාරුවීම ලබාදෙන ලෙසට තර්ජනය කළ බවද පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.