(රේඛා තරංගනී ෆොන්සේකා )
ඉදිරිපිට මාර්ගයේ දෙපසට කසළ මුදා හැරි බව කියන සැකකරුවන් 40 දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පිළියන්දල පොලිස් පාරිසරික ඒකකය කියයි.
ප්‍රදේශයේ ජන ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් රථවාහනවලින් ගමන් කරන පිරිස් කසළ මලු විසිකර යන බවත් විසිකරනු ලැබු කසළ මලු ඔවුන්ටම නැවත රැගෙන යාමට සැලසු අවස්ථාද ඇති බවත් පොලිසිය කියයි
රාත්‍රී කාලයේ සහ අලුයම් කාලයේ දී මාර්ගයේ රැක සිට කසළ විසි කරන්නන් ඇල්ලීමට මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසයි
මින් ඉදිරියට කසළ මලු විසි කරන්නන්ට ඔවුන් ගෙනා කුණු මල්ලද සමග නඩුවක් ද ලබාදෙන බවත් එවැන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කියයි'

