කරඬුව සොරාගත් හිමිනමට ලක්ෂයක් දඩ
කතරගම වැඩිහිටි කන්දේ කැනීමක දී හමුවූ බව කියන මිශ්‍ර ලෝහ කරඬුවක් සොරකම් කැර ළඟ තබාගත් බවට වරද පිළිගත් සෙවනගල ශ්‍රී සම්බෝධි විහාරාධිපති කැකනදුරේ උදිත හිමියනට තිස්සමහාරාම මහේස්ත්‍රාත් සංජිව රම්‍යකුමාර මහතා රුපියල් ලක්ෂයක දඩ නියම කෙළේය. කරඬුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුට බාර දෙන ලෙස ද නියෝග කෙළේය.

