ප‍්‍රශාන්තන් නමින් හදුන්වාගත් පුද්ගලයකු අද පස්වරු 3.30ට පමණ තම බිරියගේ ජංගම දුරකතනයට කතාකර තර්ජනය කළ බවට තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළේය.
අධියාචනාධිකරණ තීන්දුව තමන් දන්නවා නේද? අපේ සී.ජේ. නෝනාට කරදරයක් වුණොත් තමුන් ගැන බලා ගන්නවා ආදී දේ කියමින් පරුෂ වචනයෙන් බැණ වැදුන බවද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ දක්වා ඇත.

