කපිලවස්තු ධාතු අ’පුරට වැඩම කිරීම පමාවෙයි වැස්ස හෙලිකොප්ටරය පමා කරයි


අයහපත් කාලගුණය නිසා කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා පැල්මඩුල්ලේ සිට අනුරාධපුරයට ගුවනින් වැඩම කැරවීම පමාවෙතියි අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු හා උතුරු මැද සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියෝ එසැණට කීහ. අද පෙරවරු 10ට එහි ධාතු ප‍්‍රදර්ශනය ඇරැඹීමට නියමිතව තිබිණි. පෙර දින රාති‍්‍රයේ සිට මහා පිරිස්  සම්බුද්ධ ජයන්ති විහාරය අසළ රැඳී සිටිති. අනුරාධපුරයේ අහස ද වැහි බරය. නිරිත දිගට තද වැහි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.