( නිමන්ති රණසිංහ)
එයාර් බස් ගනු දෙනුවට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහු බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 200 බැගීන් ශරීර ඇප මත මෙසේ මුදා හැරිණි.
මෙම සැකකරුවන්ගේ විදෙස්ගමන්ද තහනම් කළ අතර සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයිද නියෝග කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



