කප්රුක් මුදලාලි ඝාතන සැකකරුවෙක් බාර වෙයි


ගම්පහ කප්රුක් ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) කඩුවලින් කපා මරා දැමී යැයි පොලිසිය සොයමින් සිටි ලක්ෂ්මන් දිසානායක නීතිඥවරුන් මාර්ගයෙන් අද ගම්පහ උසාවියට බාර විය. වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා විසින් ඔහු ලබන අටවැනි දා තෙක් රිමාන්ඩ් කරලු ලැබීය. තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.