කප්රුක හිමිකරු ඝාතකයා අල්ලයි


ගම්පහ කප්රුක හිමිකරු ඝාතන සැකකරු මාස දෙකකට පසු අද (19)  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ජූලි මස 13 වැනිදා සිය වෙළෙඳසැලේ සිටියදීම එහි පැමිණි දෙදෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා කපා කොටා මරා දමා කඩු දෙක ගම්පහ මාළු වෙළෙඳ සංකීර්ණය පිටුපස සඟවා පළා ගොස් තිබිණි. පොලීසිය පැවසුවේ ඝාතනයට හේතුව ඇඳුම් මාරු කර බලන කාමරයක රහස් කැමරාවකින් ගත් ඡායාරූප පටලැවිල්ලක් බවයි. ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චරිත ජයසුන්දර මහතා ප්‍රමුඛ කන්ඩායමක් සීදූව අවන්හලක සිටියදී සැකකරු කොටුකරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.