කප්පම් කරුවෝ කොටුවෙති


දියණිය පැහැරගෙන මරා දමන බවට සිරකරුවකු  බන්ධනාගාරයේ සිට දෙල්ගොඩ ව්‍යාපාරිකයකුට තර්ජනය කැර ජංගම දුරකතන පණිවඩුයක් අනුව බැංකු ගිණුමකින් රුපියල් 50000ක කප්පම් බැරකරවාගත් බව කියන දෙදෙනෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ. වත්තල පදිංචි එම දෙදෙනාට බැංකු ගිණුම් හයක් ඇති බවත් ඒවායේ රුපියල් පහක් පමණක් තැන්පත්ව ඇති බවත් පොලිසිය කීය.