කප්පම් කප්පිත්තෝ රිමාන්ඞ්
ආරක්ෂක ලේකම්ගේ නිලධරයන් බව කියමින් මදුරන්කුලියේ ව්‍යාපාරික මොහොමඞ් රිස්වි මහතාගෙන් රුපියල් කෝටියක් ඉල්ලා රුපියල් හැට ලක්ෂයක් කප්පම් කෑ බව කියන සිවු දෙනෙක් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඞ් කැර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
රහස් පොලිසිය උසාවියට දැන්වූයේ ජනක චමින්ද, රංජිත් ප‍්‍රියනන්ද සිල්වා, මොහොමඞ් සකීර් හුසේන් හා චින්තක හේමචන්ද්‍ර යන සිවු දෙනා කොළඹ වේල්ලවීදියේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 4ක කප්පම් කා ඇති බවට තවත් නඩුවක් ගොනු කර ඇති බවයි.

