කප්පම් කන්න ගිහින් රිමාන්ඩ්


රථවාහන කුලියට දෙන ඔබේසේකරපුර ආයතනයකට බලෙන් ඇතුළු වී එහි සේවකයනට පහර දී කප්පම් ගැනීමට තැත්කළ බව කියන පස් දෙනා ලබන 30 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කෙළේය. ඔබේසේකරපුර කුෂාන් සන්ජීව කුමාර, නුවන් දිලීප, බුද්ධික ඉන්ද්‍රජිත්, ඩිලාන් තනුජ කුමාර හා ප්‍රසාද් නිරෝෂණ එම සැකකරුවෝය.