කප්පම් කන්න ගියැයි ඇමැති ගෝලයකුට ඇප


බෞද්ධයා රූපවාහිනියේ මාධ්‍යවේදී ප්‍රසන්න  නාමල් බණ්ඩාර කුලතුංග මරා දමන බවට කප්පමක් ඉල්ලා රුපියල් ලක්ෂයක් ගනිද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව කියන වාද්දූව තල්පිටියේ ඩොනල්ඩ් රංජිත් පෙරේරා  රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කෙළේය. ඔහු ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ  ලේකම් වරයෙකියි අධිකරණයේ දී කියැවිණි. තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත නිසා ඔවුට ඇප නෙදෙන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය.