කප්පම වරදී


රුපියල් ලක්ෂක තුන කප්පමක් ඉල්ලා මහරගම පමුණුවේ රෙදි පිළි ව්‍යාපාරිකයකු බලයෙන් ත්‍රිරෝද රියකට නංවාගෙන තැන තැන සැරසරා ආපසු මහරගමට එද්දී මැරයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු කොල්ලකෑම් 20කට හවුල් පුද්ගලයකු බවත් අත්අඩංගුවට ගත් දෙදෙනා අද (17)  උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි. කැඩුණු බෝතලයක් බෙල්ලට තබා ඔවුන් ඉන් කප්පම් ඉල්ලා ඇත.