වැලි ඔය කිරිඉබ්බන් වැව දකුණු ඉවුරේ ගැමියකුට නඩුවක් ඇතැයි කියමින් ඔහු ඉන් බේරා දීමට රුපියල් 25000ක කප්පමක් ගත් බව කියන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් වැලි ඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මුදල් නෝට්ටුවල අංක ලියාගෙන පසු දින ඔවුනට රුපියල් 25000ක් දී ඔවුන් පැමිණි යතුරුපැදියේ අංකය ද පොලීසියට දී ඇත.
ඔවුන් අත්අඩංගුවට නොගැනීස ගැන වැලි ඔය සිවිල් ආරක්ෂක කමිටුව පොලීසියට විරෝධය පල කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගත් බව දැනගන්නට ඇත.

