කඳුකර ජලාශ සිඳීගෙන යයි


ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණයත් සමග පිටාර මට්ටමේ සිට සියයට 50කින් පහත බැස ඇති බව  විදුලි බල මණ්ඩලය පවසයි. මාවුස්සාකැලේ ජල මට්ටම අඩි 60කින් ද, කාසල් රී  අඩි 43 කින් ද පහත බැස ඇත. කාසල් රී ජලාශයෙන් විදුලිය උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර විදුලිය බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර හයෙන් එකකින් පමණක් විදුලිය උත්පාදනය කරන බව එහි ප්‍රධාන ඉංජිනේරුවරයෙක් කීය. මාවුස්සාකැලේ ජලාශයට යටවූ හින්දු කෝවිලක නටඹුන් ද මතුවී ඇත.