කනුමුල්දෙණියට උල්කාෂ්මයක්


වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසකට සිකුරාදා රාත්‍රීයේ ඉතා දුර්ලභ උල්කාශ්මයක් වැටී ඇති බව පෙනේ යැයි තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි. මේ උල්කාෂ්මය කොස්ගසේ ඉහළ සිට පොළොව තෙක් පහළටම ගමන් කරන බවත් පොළොව මට්ටමේදී කොස්ගස ද දැවී උල්කාෂ්මයද අළු බවට පත් විය හැකි බවත් ඔහු කියයි. දිඹුලාගලට හා ගම්පහට බ්‍රහස්පතින්ද උල්කාපාත වැටි ඇති බවත් ඔහු පවසයි.