ශිරාන් රණසිංහ
කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට උසස්වීම් දීමේ දී සේවා කාලයට ලබාදුන් ලකුණු සීමාව 70 සිට 50 දක්වා අඩු කිරිම නිසා කනිෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් අසාධාරණයට ලක්ව ඇතැයි පොලිස් කොමිසම වෙත පැමිණිලි ලැබී තිබේ.
පළාත් මට්ටමින් මේ දිනවල මෙම උසස්වීම් වලට අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවට බැදෙන තරුණ තරුණියන් සාමාන්‍ය පෙළ,උසස් පෙළ හා ඩිප්ලෝමා හා උපාධි ආදී ලෙස අධ්‍යාපනය ලැබුවද යුද්දය පැවති කාලයේ දී පොලිසියට බැඳුනු බොහෝ පිරිසක් උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගෙන ගත් අය බවද කනිෂ්ඨ පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
සේවා කාලයට අදාළව ලබාදෙන ලකුණු 70 සිට 50 ට අඩුකර ඩිප්ලෝමා උපාධිය ආදියට තවත් ලකුණූ එකතු කිරිම නිසා වසර 20 – 25 ක සේවා කාලයක් ඇති පොලිස් නිලධාරීහු අසාධාරණයට ලක්ව සිටිති.
උගත්කම් හා අනෙකුත් දක්ෂතා වලට අදාළව උසස්වීම් ලබාදීමේ වරදක් නොමැති වුවද යුද්ධය කාලයේ දී පොලිසියට බැඳුණු පිරිසට සිදුවී ඇති අසාධාරණයට ද විසඳුමක් අවශ්‍ය බව කියමින් කනිෂ්ඨ පොලිස් නිලධාරින් පොලිස් කොමිසමට පැමිණිලි කර ඇත.
2014 සහ 2016 වසර වලදී ලකුණු ලබාදීමේ දී මෙම ප්‍රශ්නය ඇති නොවු බවද ඔවුහු එම පැමිණිලි වලින් කියා ඇත.

