කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට 50 ක් එති


ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ශ‍්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්  50 දෙනකු පමණ ඉදිරිපත් වෙතැයි ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය පවසයි. මෙම ගොල්ෆ් තරගවලිය මේ මස 19 සිට 21 දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැත්වීමට නියමිතය. ‘ප‍්‍රීමා සන්රයිස් බ්‍රෙඞ්’ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය 18න් පහළ බාලක බාලිකාවන් සඳහා විවෘත වන අතර වයස් සීමා අනුව කාණ්ඩ 4 කින් පැවැත්වේ. ප‍්‍රධාන තරගාවලිය, අවුරුදු 15-17 (රන්), අවුරුදු 11-14 (රිදී) සහ අවුරුදු 10න් පහළ (ලෝකඩ) වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වෙයි. තරගාවලයේ සමස්ත ශූරතාව දිනාගන්නා ක‍්‍රීඩකයා 2012 ශ‍්‍රී ලංකා ගොල්ෆ් කනිෂ්ඨ ක‍්‍රීඩකයා ලෙස නම් කිරීමට නියමිතය. මිතුන් පෙරේරා, බිනුප විජේසිංහ, ලලිත් කුමාර, තිස්ස චන්ද්‍රදාස හා ධනික ද සිල්වා වැනි කී‍්‍රඩකයින් මේ වන විට ජාතික මට්ටමේ පසුවන්නේ මෙම තරඟාවලියෙන් ලබාගත් පන්නරය උපයෝගී කරගෙන බවද අද (11 වැනිදා) සවස පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ආනා පුංචිහේවා මහතා ප‍්‍රකාශකර සිටියේය.