කනිෂ්ක විජේරත්න අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට


අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කනිෂ්ක විජේරත්න මහතා පත්කරනු ලැබ සිටී.

මෙතෙක් එම ධූරය දැරූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයට පත්කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා වසර 16 ක් පමණ මහේස්ත්‍රාත්වරයකු, දිසා විනිසුරුවරයකු සහ මහාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇත.

අධිකරණ සේවා කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස ද වසර 4 ක් පමණ සේවය කළ කනිෂ්ක විජේරත්න මහතා අම්පාර, තිස්සමහාරාම, කොළඹ කොටුව සහ මොරටුව මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු පදවි හොබවා ඇත.