කන්ද උඩරට ලයන්ස් පිල 42-10 කින් සී. එච්. පරදවයි


අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මේට්ලන්ඞ් පෙදෙසේදී අද (24) පැවැති තරගයේදී කන්ද උඩරට ලයන්ස් පිල ලකුණු 42-10 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට කන්ද උඩරට ලයන්ස් පිල ලකුණු 13-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.