නැගෙනහිර පළාතේ කන්තලේ කොට්ඨාසයේ අද නව පොලිස් සථාන දෙකක් විවෘත කැරිණි.
හබරණ-කන්තලේ මාර්ගයේ අග්බෝපුර පොලිසිය රුපියල් ලක්ෂ 315ක වියදමින් ඉදි කර ඇති අතර කන්තලේ- සේරුනුවර මාර්ගයේ සූරියපුර පොලිසිය රුපියල් ලක්ෂ 331ක වියදමින් ඉදි කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් පොලිස්පති එක් කේ ඉලංගකෝන් මහතා විසින් එම පොලිසි විවෘත කරනු ලැබීය.

