කන්තලේ දොස්තර දෙන්නාට ඇප
කන්තලේ රෝහලේ දී ඇති කරගත් ආරවුලක් සම්බන්ධයෙන් එහි වෛද්‍ය අධිකාරි ද තවත් වෛද්‍යවරයෙක් ද රියැදුරෙක් ද කන්තලේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉවොන් ප‍්‍රනාන්දු මෙනවිය විසින් ඇප මත මුදාහරිනු ලැබූහ.
වෛද්‍ය අධිකාරි ඞී.ජී.එම්. කොස්තා, දොස්තර ඞී.එස්. දිනේෂ් හා රියදුරු එම්.ජී. මාතුපාල ඒ තිදෙනාය.
අතින් පයින් පහරදී ගෙළ බැඳි රන් මාලයක් හා ඩිජිටල් කැමරාවක් කොල්ලකන ලදැයි වෛද්‍ය අධිකාරීට හා රියදුරාට එරෙහිව පැමිණිල්ලක් ද වෛද්‍ය අධිකාරිට පහර දුන්නැයි තවත් පැමිණිල්ලක් ද උසාවියට ඉදිරිපත් කැර තිබේ.

