කන්ටේනරයක් කොළඹ-මහනුවර පාර වසයි


කොළඹ-මහනුවර පාරේ කිරිල්ලවල සහ ඇල්දෙනිය අතර මීට ටික වේලාවකට පෙර කන්ටේනරයක් පාර හරහා පෙරළුණු බව පොලීසීය කියයි. ඒ හේතුවෙන් විශාල වාහන තද බදයක් හට ගෙන ඇති බවත්, කොළඹ දෙසට ගමන් කරන වාහන බැලුම්මහරින් හරවා යවන බවත් කියන පොලීසිය විකල්ප මාර්ග භාවිත කරන ලෙස උපදෙස් දෙයි.