කදුරට වොරියස් ලකුණු 2 කින් වයඹ යුනයිටඞ් පරාජය කරයි
ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 16 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේදී සනත් ජයසූරියගේ කදුරට වොරියස් පිල ලකුණු 2 ක තියුණු ජයක් ලබමින් මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිලේ අපරාජිත වාර්තාව බිද දැමීමට සමත් විය.
ජයග‍්‍රහණය සදහා ලකුණු 150 ක ඉලක්කය හඹාගිය වයඹ පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 147 ක් පමණි.
කදුරට පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ඕස්ටේ‍්‍රලියානු යොවුන් පිතිකරු කි‍්‍රස් ලින් පන්දු 51 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 80 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
කදුරට වොරියස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 149 (ජීවන්ත කුලතංග 23, ක‍්‍රිස් ලින් 80, කෞෂාල් ලොකුආරච්චි 11, සොහෙල් තන්වීර් 10, මොහොමඞ් හෆීෂ් 14/2, ඉසුරු උදාන 35/2, අබ්දුල් රසාක් 20/2)
වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 147 (කම්රාන් අක්මාල් 12, මොහොමඞ් අෆීෂ් 34, ෂෙහාන් ජයසූරිය 28, කෞෂල්‍ය වීරරත්න 10, අබ්දුල් රසාක් නොදැවී 36, කෞෂල්‍ය ලොකුආරච්චි 15/3)

