කදුරට පිල ලකුණු රැස්කිරීම තෝරාගනී


ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) 16 වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ සනත් ජයසූරියගේ කදුරට වොරියස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ සනත් ජයසූරිය පළමුව පන්දුවට පහරදීම තීරණය කළේය. වයඹ පිලේ නායක මහේල ජයවර්ධන අද තරගයට සහභාගි නොවන අතර පාකිස්තානු විස්සයි 20 පිලේ නායක මොහොමඞ් හෆීස් වයඹ පිල මෙහෙයවයි.