කතුන් හා ළමයින් රකින්න ඉතාලි ලාංකිකයෝ එති.


ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන ළමා අපචාර හා ස්ත‍්‍රී දුෂණ වහා නැවැත්වීම සඳහා රජය ක‍්‍රියා කළ යුතුයැයි ඉතාලියේ මිලානෝ නුවර දරුවන් සුරැකීමේ සංවිධානය කියයි. 2011 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් මාසය වන විට ස්ත‍්‍රී දුෂණ 1636ක්ද ළමා ලිංගික අපචාර විශාල ප‍්‍රමාණයක් ද සිදුව ඇති බවත් ඔවුහු පවසති. මෙවැනි අපරාධ සිදුකරන කාමතුරයින් හට දේශපාලන බලපෑමකින් තොරව දැඩි දඬුවම් දීමටත් පොලිසිය හා අධිකරණය දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව ස්වාධීන ආයතන බවට පත්කොට දරුවන්ට මෙන්ම කාන්තාවන්ට හා සෑම පුරවැසියකුටම නිදහසේ ජීවත්වීමේ අවස්ථාව සලසා දීමට රජය පියවරගත යුතු බව ඔවුහු කීහ. ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් 25000කගේ අත්සනින් යුතු පෙත්සමක් ඉදිරියේදී ජනාධිපතිට බාරදීමට නියමිත බවත් එයට ඉක්මන් ප‍්‍රතිචාර නොලැබුනහොත් ජාත්‍යන්තරයට ද මෙම ප‍්‍රශ්නය ගෙන යන බවත් මිනාලෝ නුවර දරුවන් සුරැකීමේ සංවිධානයේ නිර්මාතෘ කීර්තිසිංහ හෙට්ටිතන්ත‍්‍රී මහතා පවසයි.