කතානායක ඉන්දීය ලොක් සභා කතානායක සමුළුව අමතයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉන්දීය ලොක් සභාව  වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කතානායකවරුන්ගේ සම්මේලනය (AIPOC) ඊයේ (15) ඇමතීය.

ඔහු මෙම සම්මේලනය ඇමතුවේ  විශේෂ ආරාධිතයකු ලෙස බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

සම්මේලනය “ඵලදායී හා අර්ථවත් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කිරීමෙහිලා ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය” යන තේමාව  යටතේ පැවැත්විණ.

ඉන්දියානු ලොක් සභාවේ  කතානායක   ඕම් බිර්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මේලනයට අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සභාපති ඩුආර්ටේ පැචෙකෝ මහතාද  සහභාගී විය.

ඔස්ට්‍රියාව, ඝානාව , මාලදිවයින, සිම්බාබ්වේ, මොන්ගෝලියාව සහ නැමීබියාව ඇතුළු රටවල් කිහිපයක ජාතික ව්‍යවස්ථාදායකයන්හි  කතානායකවරුද  ඉන්දීය ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්හි කතානායකවරුද සම්මේලනයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද  මේ අවස්ථාවට සම්බන්ධ විය.