කතානායක අල්ලස් කොමිසමේ ඩීජී කැඳවයි


අසාධාරණ ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දඩයම් කිරීම රජය සැරසෙතියි ද, ඔහුට සාධාරණය ඉටු කරන්නැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරුන් 56 දෙනකු මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යවා තිබිය දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර නියෝග කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වේ.

කමිටු රැස්වීමකට සහභාගී වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති ද පාර්ලිමේන්තු මන්ධිරයට පැමිණ සිටියි.