කතරගමට ලක්‍ෂ 10 ක්
වෙසක් දෙදිනෙහි (5-6) කතරගමට දස ලක්‍ෂයකට ආසන්න වන්දනාකරුවන් පැමිණි බව කතරගම පොලිසිය කියයි. වැඩිහිටිකන්දේ හා සෙල්ලකතරගමද මහා පිරිස් සිටිනු දක්නට ලැබිණි. බත්, කිරිබත්, රසකැවිලි, සව්, බෙලිමල්, සිසිල් බීම ආදී දන්සල්හි මෙන්ම කතරගම මහා දෙවොලේ පෝලිමද බොහෝ දික්වී තිබිණි.

