කතරගම මැණික් වෙන්දේසිය සරුයි


කතරගමදී අද (13) පැවැත්වූ රළු මැණික් වෙන්දේසියේ පළමු මැණික් තොගය රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට විකිණුනු බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා කියයි. තවත් ගල් පසුව වෙන්දේසි කිරීමට නියමිතය. කතරගම ප‍්‍රාදේශීය සභා සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙසේ වෙන්දේසි වූයේ කතරගම තම්මැන්නාව මැණික් වෙන්දේසි ඉඩමට යන පාරේ පස් ඉවත් කිරීමේදී හමුවූ මැණික් ගල් වේ. මෙම වෙන්දේසියේදී ලබන ආදායමෙන් සියයට 70ක් ඊට සම්බන්ධ වූ අඩු ආදායම් ලාභී ප‍්‍රදේශවාසී පවුල් 47ක් අතර බෙදා දෙන බවද බණ්ඩාර මහතා කීය.