කතරගම පෙරහරට මහ සෙනඟ


කතරගම ඇසළ පෙරහර බැලීමට මහින්ද රාජපක්‍ෂ ජනපති ද, චමල් රාජපක්‍ෂ කතානායක ද සෙනසුරා දා  රාත‍්‍රි ආහ. අඩු ගණනේ දෙලක්ෂයක් පමණ වන්දනාකරුවෝ ද එහි වූහ. කිරිවෙහෙර වැඳපුදාගෙන දේවාලයට පැමිණි ජනපති දෙවියන්ට පලතුරු පූජාවක් තබා දෙවියන් වැඩම කැරවූ කරඬුව රැගත් වාසනා හස්තියාට මල් මාලාවක් පළඳවා මල් ඉස්සේය. කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලූත්වැව සෝරත හිමියෝ කිරිවෙහෙර වතාවත් පැවැත්වූහ.