කතරගම දේවාලය වහයි


කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන ඔක්තෝබර දෙවැනි දා තෙක් කතරගම දේවාලය වසා තබන බව දියවඩන නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියයි.

කතරගම දෙවියන්ට අයත් පූජා භූමියේ මරණයක් සිදු වුවහොත් මරණයේ කටයුතු අවසන් කරන තෙක් දේවාලය වසා තැබීම එදා පටන් පැවැත එන සිරිතක් බව දේවාලයයේ ප්‍රධාන කපු සෝම්පාල ටී රත්නායක මහතා පවසයි.

සෙනසුරාදා (28) දහවල් පූජාවෙන් පසු වසා තැබෙන දේවාලය ඔක්තෝබර දෙවැනි දා සවස පූජාව සඳහා නැවත විවෘත කෙරෙනුයේ හදුන් කිරිපැන් ඉසීමෙන් අනතුරුවය.