කතක හිමිනම වරදට පොළඹවාගෙන


අචලා වික‍්‍රමනායක නම් කත විවාහ කර ගන්නා බව කියමින් අයුතු සම්බන්ධතාවයක්  පවත්වාගෙන යමින් කාරයක් මිලට ගැනීමට ඇගෙන් රුපියල් ලක්ෂ දහතුන හමාරක් ණයට ගත් බව කියන හිමිනමක හා ඔහුගේ සොහොයුරා ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  නියෝග කළාය. බත්තරමුල්ල ජයවඩනගම මෛත‍්‍රී ධර්මායතානාධිපති  අයගම යසස්සි හා රසික තරංග නම් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කියා සිටියේ හිමි නම වරදට පොළඹවා ගෙන ඇත්තේ එම කාන්තාව බවයි. ඇගෙන් ගත් මුදල් වාරික තුනකින් ගෙවන බවත් ඇය කීවාය.