කතක කෙළෙසා දස වසරක් හිරේ


මහරගම ඇඟලූම් සේවිකාවක කෙළෙසූ මොහොමඞ් සවුර්දීන් හා කේ. සරත් චන්ද්‍රසිරි නම් දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල කේ. අතපත්තු මහතා දස වසර බැගින් සිර දඬුවම් නියම කළේය. රුපියල් 25,000 බැගින් වන්දි ද ගෙවන ලෙස නියෝග කැරණි. සාක්කි නොවූයෙන් තෙවැනි විත්තිකරු නිදහස් විය.