කඩුවෙල අනතුරෙන් 3ක් මරුට : 11ක් රෝහලට


කඩුවෙල වැලිවිට පාලම අසලදී සිදුවූ රිය අනතුරෙන් එකළොස් දෙනෙකු තුවාල ලබා තිදෙනෙක් මරුමුවට පත් වූහ. තුවාලකරුවන් 9ක් මුල්ලේරියාව රෝහලේ ද, දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ද ප්‍රතිකාර ලබන බවත්, ඒ අතර කුඩා දරුවන් පස් දෙනෙකු ද සිටින බවත් රෝහල් ආරංචි කියයි. යටියන්තොට සිට මංගල උත්සවයක් සඳහා කොළඹට අවුත් යළි යමින් සිටියදී වෑන් රිය මේ අනතුරට ලක් විය.