කඩුගන්නා පොහොට්ටු මන්ත්‍රී කංසා සමග මාට්ටු


 

(ෂේන් සෙනෙවිරත්න)

කඩුගන්නාව පොහොට්ටු නාගරික මන්ත්‍රීවරයාගේ ගෙවත්තේ වගා කර තිබු කංසා පැල තුනක් සමග එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

තැපැල් ස්ථානාධිපතිවරයකු වශයෙන් සේවය කරන සැකකාරු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ද ඉදිරිපත්ව සිටින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.