කඩඉම් ලකුණු නඩුවේ තීන්දුව කල් යයි


ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු වැරැදි යැයි කියමින් 2011 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන සඳහා කල් දී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය. ඉකුත් වසරේ පැවැති උසස් පෙළ විභාගයේ අවසන් ප්‍රතිඵල අවලංගු කොට බලරහිත කරන ලෙස ඉල්ලා එම වසරේ දී උසස් පෙළ විභාගයට  පෙනී සිටි විසල් භාෂිත කවිරත්න, ජී.ඩී. චන්දන, එම් මොහොමඩ් රම්සාන් ඇතුළු ශිෂ්‍යන් පිරිසක් හා ලංකා ගුරු සංගමය ඇතුළු දාහත් දෙනකු ගොනු කළ පෙත්සම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග විය.