කටේ කිරි සුවඳ යන්නට පෙර දැරිය පෝරුවේ මනාලයා පොලිසියේ
දෙපාර්ශවයේ ආශිර්වාදය මත දහහතර හැවිරිදි දැරියක මනාලියක ලෙස කැන්දාගෙන විත් මංගල සාදයක් පවත්වමින් සිටි තංගල්ල කුඩාවැල්ලේ 18 හැවිරිදි ධීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට මාතර රෝහලට ඇතුළු කර ඇත.
පොලීසිය එහි යනවිට දැරිය රතු සාරියකින් සැරසී සිටි බවත් මංගල සාදයට 300කට අධික පිරිසක් සහභාගි වී සිටි බවත් පොලීසිය කියයි.

