කටුවන පෙළපාළි බෑ


කටුවන ජනතා විමුක්ති පෙරමුණු රැස්වීමේ දී වෙඩි වැදී මියගිය එදිරිමාන්නගේ මාලනී (51) සහ නිමන්ත හේෂාන් (18) ගේ අවසන් කටයුතු සිදු කෙරෙන අද පෙළපාළි සහ රැස්වීම් පැවැත්වීම වලකමින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කියයි.