ජනතා විමුක්ති පෙරමුණේ කටුවන ඝාතනය හෙලා දකිමින් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඉතාලියේ රෝම තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. උද්ඝෝෂකයෝ රජයට ද දොස් කියමින් වැරැදිකරුවෝ නිතිය හමුවට ගෙනවිත් යුක්තිය ඉටුකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා එහි ගොස් ප්‍රශ්නය ගැන සාකජ්චා කිරීමට ඇරැයුම් කළ මුත් උද්ඝෝෂකයෝ එය පිලිනොගත්හ. තානාපති කාර්යාලය අසල පොලීසිය යොදා ඇත
