කටුවන අවමඟුලට මහ පිරිස්


නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් මියගිය ජවිපෙ සාමාජිකයන් දෙදෙනාගේ අවමඟුල ජවිපෙ නායකයන්ගේ සහභාගීත්වයෙන් කටුවනදී අද සිදුවිය. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ, ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස් මීට ආහ.